Saturday, September 3, 2016
Wednesday, August 31, 2016
අංගම්පොර සටනක් මෙන්න මෙහෙමයි..
අතීත ශ්‍රී ලනක්වේ අංගම්පොර සටන් ඉතා බහුලව පැවතියද අද වන විට මෙම අංගම්පොර සටන් කලාව අබග්‍යට යමින් පවතී..
අංගම්පොර ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංගම් ශාස්ත්‍රය යනු ශරීරය පිළිබඳ විද්‍යාවයි. අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.
එකල රාජ්‍ය හමුදාවන්හි මෙම ශිල්පය පුහුණු කරනු ලැබිණි. අංගම් හරඹ යනු අංගම් පොර කලාවේ හරයාත්මක ඉගැන්වීමයි. ඉතිහාසයේ සදහන් ආකාරයට එකල රාජ්‍ය හමුදාව හට මෙම සටන් කලාව පුහුණු කරවීමට භාරව සිටියේ මරුවල්ලිය, සුදලිය සටන් පරම්පරාවන් හටය. මෙම පුහුණු කිරීම් සිදුකෙරුනේ ඔවුනොවුන්ට අයිති අංගං මඩු වලය. එම අංගං මඩු අංශ දෙකකින් යුක්තවිය. එනම් හරඔ ශාලාව හා ඉලංගම් මඩුව ය. හරඔ ශාලාවෙහි අංගම් හරඔ පුහුණු කෙරුණු අතර ඉලංගම් මඩුවෙහි ඒ ඒ කුලවලට අයත් පුද්ගලයන්ට සංගීතය හා නැටුම් කලාව උගන්වනු ලැබීය. අංගම් ශාස්ත්‍රය තහනම් යුගයේදී මෙම ඉලංගම් මඩුව සටන් පුහුණුව සඳහා යොදා ගනු ලැබීය. පිටතින් බලන අයෙකුට ඔවුන් නැටුම් පුහුණු වනවා සේ පෙනුනද ඒ තුළම සටන් පුහුණුවද සිදු විය. මේ නිසාවෙන්ම අංගම් ශාස්ත්‍රයේ යම් යම් අංග නැටුම් තුළට ආභාෂය වන්නට විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොටි නැටුම, වලස් නැටුම, ලී කෙලි නැටුම වැනි නැටුම් අංග නිර්මාණය වූ අතර අදටද මෙම නැටුම් අංග තුළ සටන් ඉරියව් නිරූපණය වෙයි. [6].මොවුන් පෙරහැර වලදී තම කලා හැකියාවන් පෙන්වූ අතර යුධ පිටි වලදීද යොදා ගැනුනි. කෙසේ වෙතත් යුධ පිටියේදී සටන් හැකියාවන්ද පෙරහැරවලදී නැටුම් හැකියාවන්ද වෙන වෙනම පෙන්වූවා මිස පෙරහැර තුළදී සටන් පෙන්වීමට හෝ සටන් ඇඳුම් ඇඳගෙන සටන් පෙන්වීමක් සිදු කළේ නැත. නමුත්චීනාඩි නම් අංගම්පොර තහනම් යුගයේදී චීන වෙළෙදුන්ගෙන් ලැබුණා යයි සැලකෙන සටන් ක්‍රමයේ ශිලිපීන් සටන් අංග පෙරහැර තුළ පෙන්වූ බව කියැවේ.
පැරණි සිංහල රාජ්‍ය යුගයේ යෝධයා යනුවෙන් හැදින්වූ රණශූර වීරවරයන් මෙම අංගම් කලවේ කෙළ පැමිණියන් ලෙස හැදින්වේ. පසුව මෙම රණශූරයන්පනික්කිරාළ ලෙස හැදින්විය. මෙම නාමය අග්‍රඝන්‍යය වික්‍රමාන්විත රණශූරයෙකු හැදින්වීමට භාවිතා කරයි. එම නාමය අංගම්පොර සටන් කලාවෙහි අඩවි 9 ක් නිමවූ පසු ලදහැකි උසස් තනතුරක් වෙයි.ආධුකනිකයන්ට සටන් පුහුණුකරවීමේ අයිතිය මෙමඟින් ලබාදෙයි
Tuesday, August 30, 2016
අතීතයේ ශ්‍රී ලංකාවේ අති දුර්ලබ ගනයේ ජායාරුප එකතුවක්
අතීතයේ ශ්‍රී ලංකාවේ අති දුර්ලබ ගනයේ ජායාරුප එකතුවක් මතු පරපුරට දැනගැනීම සදහා මෙසේ ප්‍රසිද්ධ කරන ලදී
Subscribe to:
Posts (Atom)